IMG-LOGO

ලොරි රථ අනතුරින් රිය සහායක මරුට

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ ඉනාමලුව ප්‍රදේශයේදී අද (11) අළුයම සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සහ ප්ලාස්ටික් බට ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ගැටීමෙන් බවත් එහි දී මියගොස් ඇත්තේ බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ  රිය සහායකයා බව පොලීසිය සඳහන් කළේය.

බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය ප්‍රධාන මාර්ගය අසල නවතා තිබූ   ප්ලාස්ටික් බට ප්‍රවාහනය   කරන ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අළුයම 5.00 ට පමණ සිදුවූ මෙම රිය අනතුරෙන්  බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ රිය සහායකයා එළියට ගැනීම සඳහා පැය 2කට පමණ අධික කාලයක් ප්‍රදේශවාසීන් විසින් දැඩි වෙහෙසක් දැරූ බව පොලිසිය කියයි.
එම ස්ථානයේ ලොරි රථයේ රියදුරු ගේ සිරුර සිර වී තිබුණු බවත් කිහිපදෙනෙකු ඔහු එළියට ගැනීම සඳහා උත්සාහ කළ ද තවත් පිරිසක් සිය ජංගම දුරකථන වලින් මෙම සිරුර වීඩියෝ ගත කරමින් සිටීම විශේෂත්වයකි.

ඉනාමලුව ඉසිපතනාරාමයේ විහාරාධිපති නින්ද පැල්ලේ උධිත  ස්වාමීන් වහන්සේ සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට කඩිනමින් පැමිණ  තුවාලකරුවන් බේරා ගැනීම සඳහා දැඩි උත්සහයක නිරත වූ බව ප්‍රදේශවාසීහු පවසති.
උදිත හිමියන් සිය පන්සලේ තිබූ වෑන් රථය මගින් ලොරි රථ සහයකගේ සිරුර රෙදි කැබැල්ලක ඔතා දඹුල්ල රෝහලට රැගෙන යෑමට පියවර ගත්හ.

නවතා තිබූ ලොරි රථයේ රියදුරු කියා සිටියේ තමන් බිරිඳ දරුවන් සහ මව සමඟ පොලොන්නරුව ප්‍රදේශයට මෙම ලොරි රථයෙන් ගමන් කරමින් සිටියදී රාත්‍රී කාලයේ පන්සල ආසන්නයේ නවතා නිදාගත් බවය.  පසුව ගමනට සූදානම් වී තමන් රියදුරු අසුනට නගිනවාත් සමග එකවරම පිටුපසින් ආ ලොරි රථය තම රථයේ ගැටුණු බවය . 

අනතුරට පත් බිත්තර වී  ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ රියදුරුද දැඩි කම්පන තත්වයෙන් පසු විමත් සමග ගිලන් රථයකට නංවා ඔහු ද රෝහල් ගත කිරීමට පොලිසිය පියවර ගනු ලැබීය. රියදුරු හඬා වැටෙමින් කියා සිටියේ  අම්පාර ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වූ බවය. අනතුර සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

ලොරි රථ අනතුරින් රිය සහායක මරුට

rama Saturday, 11 May 2019 06:44 AM

ඉනාමලුව ඉසිපතනාරාමයේ විහාරාධිපති නින්ද පැල්ලේ උදිත ස්වාමීන් වහන්සේ සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට කඩිනමින් පැමිණ තුවාලකරුවන් බේරා ගැනීම සඳහා දැඩි උත්සහයක නිරත වූ බව ප්‍රදේශවාසීහු පවසති. උදිත හිමියන් සිය පන්සලේ තිබූ වෑන් රථයෙන් ලොරි රථ සහයකගේ සිරුර දඹුල්ල රෝහලට රැගෙන යෑමට පියවර ගත්හ. අන්න නියම හාමුදුරුවරු ගිලනුන්ට උපස්ථාන කිරීම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1466 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 535 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site