වියලුව නිශාන්ත කුමාර
මහියංගන - මහනුවර 18 වංගුව මාර්ගයේ 14 වන වංගුව අසල දී අද (25) සවස ගමන් ගත් ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී කානුවකට වැටීමෙන් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා මහියංගන මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හසලක පොලීසිය පවසයි.
ප්‍රචාරක නාම පුවරු තොගයක් පටවාගෙන මහනුවර සිට මහියංගනය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථය 18 වංගුව පල්ලම බසිද්දී එක්වරම එහි තිරිංග ක්‍රියාවිරහිතව ඇති අතර රියදුරා විසින් ලොරි රථය මාර්ගයෙන් ඉවතට ධාවනය කොට එහි වේල්ලකට හැරවීමට යාමේදී මෙම අනතුර සිදු ව ඇත.
අනතුරට ලක්ව ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ලොරි රථයේ ඉදිරි කොටස වේල්ලේ වැදීමත් සමග රියදුරාද ලොරියට සිරවී ඇති අතර ඔහු එලියට ගැනීමට පැයකට අධික කාලයක් ගතවිය.
එම අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් මහියංගන රෝහලේ ගිලන් රථයක් මගින් අනතුරට පත් පුද්ගලයා රෝහලට ගෙන ඒමට පියවර ගෙන ඇත.
හසලක පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි .



2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොරි රථ අනතුරින් රියැදුරුට බරපතලයි