IMG-LOGO

ලොරි - යතුරුපැදි අනතුරින් අයෙක් ජීවිතක්ෂයට

(ක.ග. කරුණාරත්න)

රාජකාරී කටයුත්තක් සඳහා ගොස් ආපසු සිය සේවා ස්ථානය බලා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි  වනජීවී නිලධාරියෙකු පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේදී නවතා තිබූ ලොරියක යතුරු පැදිය ගැටී සිදුවූ අනතුරකින් අද(27) අළුයම මියගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.

එම අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව, දියබෙදුම පදිංචි 40 හැවිරිදි එක්දරු පියෙකු වන පල්ලේකඩලගේ සුගත් ප්‍රේමරත්න නැමැති වනජීවී ක්‍ෂෙත්‍ර සහායකවරයෙකි.

මොහු ඇතුලු 06 දෙනෙකුගෙන් යුත් වනජීවී නිලධාරින් කණ්ඩායමක් මනම්පිටියේ පිහිටි වනජීවී කාර්යාලයේ සිට රාජකාරි කටයුත්තක් සඳහා යතුරු පැදිවලින් ගොස් ආපසු එමින් සිටියදී මේ අනතුර සිදුවී තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඊයේ (26) රාත්‍රී 11.50ට පමණ සිදුවී ඇති මෙම අනතුරින් බරපතල තුවාල ලබා සිටි වනජීවී නිලධාරියා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝගියා පරීක්‍ෂාකල වෛද්‍යවරු ප්‍රාකාශ කර ඇත.

පොලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

ලොරි - යතුරුපැදි අනතුරින් අයෙක් ජීවිතක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site