(ගලේවෙල මොහොමඞ් බුහාර්ඩින්)
දඹුල්ල කුරුණැගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදි අද (26) උදෑසන 6ට පමණ මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලංගම මගි ප්‍රවාහන බස් රථයක් හා භාණ්ඩ ප්‍රවාහණය කරන ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් බස් රථයේ සිටි පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රොහල් ගත කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
ගලේවෙල මොරගොල්ල සිට දඹුල්ලට යමින් තිබු ලංගම මගි ප්‍රවාහණ බස් රථයක කොලඹ සිට කාන්තාන්කුඩි බලා ධාවනය වෙමින් තිබු ලොරි රථයක් බස් රථයේ පිටුපස ගැටිමෙන් පසු බස් රථය තල්ලු වි මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල කපා දමා තිබු ගසක මුලක ගැටි නතර වි ඇතැයි ගලේවෙල පොලිසිය කරන ලද මුලික විමර්ශන වලදි හෙලි වි ඇත.
අනතුරින් බස් රථයේ රියදුරු ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ගලේවෙල දිසා රෝහලට ඇතුලත් කර ඇත. මෙම අනතුර සම්බන්ධයෙන් ලොර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලොරි - බස් ගැටුමෙන් 5කට තුවාල