IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලොරියෙන් ගිලන් රථ රියදුරුගේ මරුවා එයි

වසන්ත චන්ද්‍රපාල
 
අම්පාර වඩිනාගල ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථය ලොරියක ගැටීම නිසා ගිලන් රථයේ රියදුරු මියගොස් එහි සහයක බරපතල තුවාල ලබා  තිබේ.


ඊයේ (29) රාත්‍රීයේ තොට්ටම රෝහලේ රෝගියකු අම්පාර රෝහලට ගෙන යෑම සඳහා මෙම ගිලන් රථය පිටත්ව ඇත.


අම්පාර සියඹලාණ්ඩුව මාර්ගයේ වඩිනාගල 18 කණුව ප්‍රදේශයේ ඇති විශාල කන්දක් නගිමින් සිටි සහල් ලොරියක් සහ ගිලන් රථය මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.


මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වඩිනාගල රෝහලේ ගිලන් රථ රියදුරු ලෙස සේවය කළ ඩී.ආර්.ජයසිංහ බණ්ඩාර යන අය වේ.



අදහස් (0)

ලොරියෙන් ගිලන් රථ රියදුරුගේ මරුවා එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site