IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලියාපදිංචි නොකළ ජල බෝතල් සමාගම්වලට නීතිමය පියවර

                                                                                                              
(නාලක සංජීව දහනායක) 
                                                         
අනවශ්‍ය ආකාරයට නල ළිං ඉදිකර පෞද්ගලික සමාගම්වලට හා ලියාපදිංචිය තහවුරු නොකළ පානීය ජල බෝතල් සකසන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
 
භූගත ජල කලමනාකරණයේ අවශ්‍ය රෙගුලාසි සම්පූර්ණ කළ සමාගම් 164 ක් පමණ මේ වනවිට ලියාපදිංචිය තහවුරු කර ඇතත් තවත් සමාගම් විශාල ප්‍ර‍මාණයක් නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් පානීය ජලබෝතල් කර්මාන්තයේ යෙදෙන බව කී අමාත්‍යවරයා අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ නොකරන හා භූගත ජලධාරිතාවය ලීටර් ලක්‍ෂය ඉක්මවන සමාගම් සඳහා නීතිමය පියවර ගතයුතු යැයිද අමාත්‍යවරයා කීය.
 
එමෙන්ම මේ වනවිට නලළිං ඉදිකරන පෞද්ගලික සමාගම් 196ක් පමණ තිබෙන බවත් ඉන් ආයතන 13ක් පමණ යෝග්‍යතා මට්ටම සපුරා ඇතැයි කී අමාත්‍යවරයා අනෙකුත් සමාගම් යෝග්‍යයතා සහතික ලබාගැනීමට කටයුතු නොකරන්නේ නම් ඒ සමාගම් සඳහා නීතිමය පියවර ගන්නා බවද පැවැසීය.
 



අදහස් (0)

ලියාපදිංචි නොකළ ජල බෝතල් සමාගම්වලට නීතිමය පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site