(ඩී. ජී. සුගතපාල)
ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ කළමනාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුවකුට නාඳුනන සිව්දෙනෙකු පහරදී තුවාල කර පලාගොස් ඇතැයි ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
තුවාල ලැබූ සිසුවා කරාපිටිය -ලබුදුව මාර්ගයේ දී පා ගමනින් යමින් සිටියදී එහි පැමිණි සිව්දෙනෙකු අතින් පයින් හා බයිසිකල් චේන් ආදියෙන් පහරදී ඇත.
තුවාල ලැබූ සිසුවා මේ වනවිට කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ඉකුත් 28 වැනිදා ඉංජිනේරු පීඨයේ සහ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් සිසුවියක සහ සිසුවෙකු ද තුවාල ලබා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සිසුවාට පහරදී ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ උදෑසන සිට උසස් තාක්ෂණ ආයතනය අවට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලබුදූව උසස් තාක්ෂණ පීඨයේ තවත් සිසුවෙකුට පහරදීලා
lalithm Monday, 01 July 2019 06:56 AM
විරුද්ධ මත දරන්න බැහැ. මුන් වගේ අයට උගන්වන්න වියදම් කරනවට වඩා හිරේ දැම්ම නම් හොඳා.