IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලිඳුල නගර සභාවේ උප සභාපතිට ඇප

(ශාන්ත චන්ද්‍රසිරි)

 

ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැටකට අනර්තයක් සිදු කිරීම සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාර බාරයේ සිටි තලවකැලේ -ලිඳුල නගර සභාවේ උප සභාපතිවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝධ ජයසේකර මහතා අද (21) නියෝග කළේය.

තලවකැලේ, සෙන්ට්ක්ලෙයාර් වත්තේ ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළුවීම හා රුපියල් 20,000 ක් වටිනා කම්බි වැටකට අනර්තයක් සිදු කිරීම සම්බන්ධයෙන් තලවකැලේ- ලිඳුල නගර සභාවේ උප සභාපති ලෙච්චුමන් භාරතිදාසන් මහතා තලවකැලේ පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඇප මත මුදා හරින ලද උප සභාපතිවරයාට නැවැත සැප්තැම්බර් මස 18 දින නුවරඑළිය අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද  මහේස්ත්‍රාත්වරයා විසින්  නියෝග කෙරිණී.



අදහස් (0)

ලිඳුල නගර සභාවේ උප සභාපතිට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site