IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලන්ඩන් ශ්‍රී සම්බෝධි විහාරයට දාන ශාලාවක්

ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට දිගු කලක සිට අඩුවක්ව පැවති දාන ශාලාවත් නව විහාර පරිශ්‍ර ගොඩනැඟිල්ලත් සඳහා මුල්ගල් තැබීම පසුගියදා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මාපානේ පේමසිරි මහනාහිමියන්ගේ අතින් සිදුකෙරුණි.

විහාරස්ථානයේ තැන්පත් කර ඇති බෝධීන් වහන්සේ සඳහා ඉදිකෙරුණ රන්වැට ද එදින මහනාහිමියන්ගේ සුරතින් අනාවරණ කෙරුණි.

කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආරාධනයෙන් ලන්ඩන් නුවරට වැඩම කරවූ මහනාහිමියන් කැටුව ශ්‍රී ලංකාවේ නායක හිමිවරු කිහිප නමක්ම වැඩම කළහ.

මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි හිමි සහ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි පරිවේණාධිපති  බලන්ගොඩ සෝභිත හිමියන් වුහ.

පිංකම සඳහා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති  බෝගොඩ සීලවිමල නාහිමි, රාමඤ්ඤ නිකායේ මහා බ්‍රිතාන්‍යයේ සංඝ නායක බර්මින්හැම් ජේතවන විහාරස්ථානාධිපති කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි, ශ්‍රී සම්බෝධි විහාරවාසී  මඩුගල්ලේ මහානාම හිමි සහ නාවෙලගම අමිතදස්සී හිමියන් ඇතුළු මහා සංඝයා වහන්සේ 11 නමක් ද නව ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා බරපැන දරණ කල්‍යාණ ඔබේසේකර සහ නදීරා ඔබේසේකර යුවල සමඟ විශාල සැදැහැවතුන් පිරිසක් ද සහභාගී වුහ.

1[1] 2[1] 3[1] 6[1] 7[2] 8[1]

 

 



අදහස් (0)

ලන්ඩන් ශ්‍රී සම්බෝධි විහාරයට දාන ශාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site