IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලන්ඩනයේ භික්ෂුනීන් ආරාමයක් ඉදිවෙයි

ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ලන්ඩන් නුවරට වැඩම කරවන බෞද්ධ භික්ෂුනීන් වහන්සේලා සඳහා අවශ්‍ය පහසුකම් සහිත අංග සම්පුර්ණ විහාරස්ථානයක් ලන්ඩන් නුවරදී ඉදිකිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත.

ඉංග්‍රීසි ජාතික බහුශ්‍රැත මහ තෙරනමක් වන අජාන් බ්‍රහ්මවන්සෝ පසුගියදා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී ධර්මදේශනාවක් පැවැත්වූ අවස්ථාවේදී මේ පිළිබඳව පැමිණසිටි විශාල පිරිස දැනුවත් කරනු ලැබුවේය. 

මෙම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ " අනුකම්පා" නමිනි. දැනට ලන්ඩන් නුවර වැඩසිටින ථෙරවාදී භික්ෂුනීන් වහන්සේලා වැඩිදෙනා වහන්සේ සඳහා අවශ්‍ය නවාතැන් සහ දානමාන පහසුකම් ලබාගැනෙන්නේ ඥාතීන්, වෙනත් බැතිමතුන් හෝ හිත මිත්‍රාදීන්ගේ අත් උදව්වෙනි. තායිලන්ත විහාරස්ථාන කිහිපයක භික්ෂුනීන් වහන්සේ සඳහා පහසුකම් ඇති අතර ශ්‍රී ලාංකික විහාරස්ථාන වල පැවැත්වෙන පින්කම් සඳහා භික්ෂුනීන් වහන්සේලා සහභාගී වන නමුත් උන්වහන්සේලාට නේවාසික පහසුකම් සැපයෙන්නේ නැත.

අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන් පැවසුවේ ලන්ඩන් නුවර භික්ෂුනී ආරාමයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය බරපැන උපයා ගැනීම සඳහා දැනට කටයුතු ආරම්භ කර ඇති බවයි. ඒ සඳහා මොනම අයුරකින් හෝ සහයෝගය දැක්විය හැකි පින්වතුන් හට "අනුකම්පා" ව්‍යාපෘතිය සමඟ එකතු වෙන ලෙස කරුණාවෙන් ආරාධනා කරන බවද උන්වහන්සේ පැවසුහ.

පර්ත් නුවර වැඩ සිටින බ්‍රහ්මවන්සෝ හිමියන් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නඟර කිහිපයක ධර්මදේශනා පැවැත්වීම සඳහා මේ දිනවල බ්‍රිතාන්‍යයට වැඩමකර සිටියි. හරබර එහෙත් සරල ඉංග්‍රීසියෙන් පවත්වන උන්වහන්සේගේ ධර්මදේශනාවලට සවන්දීම සඳහා විශාල පිරිස් පැමිණෙති. මේ අතර වැඩිදෙනා ඉංග්‍රීසි ජාතික බෞද්ධයින් වෙති. 

දැනට බ්‍රිතාන්‍ය ජාතික චන්දා භික්ෂුනීන් වහන්සේ "අනුකම්පා" වැඩ සටහන භාරව කටයුතු කරති. 2006 දී සසුන් ගතවූ උන්වහන්සේ 2014 දී උපසම්පදාව ලබාගත්තාය. උන්වහන්සේගේ සහයට මැලේසියා  ජාතික හසපඤ්ඤා භික්ෂුනීන් වහන්සේ, වේල්ස් ජාතික ආනන්දබෝධි භික්ෂුනීන් වහන්සේ සහ ඔස්ට්‍රියන් ජාතික සංචචිත්තා භික්ෂුනීන් වහන්සේ කටයුතු කරති.

9[1] 10[1] 12[1] 14[1]

 

 



අදහස් (0)

ලන්ඩනයේ භික්ෂුනීන් ආරාමයක් ඉදිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site