IMG-LOGO

ලන්ඩනයේදී ආගමික සහජීවනය ඇගයීමක්

බ්‍රිතාන්‍යයේ ආගමික සහජීවන සතියට සමගාමිව විවිධ ආගම් අදහන්නන් අතර සහජීවනයක් ගොඩනැංවීමේ අගය සාකච්ඡා කරන රැස්වීමක් ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ආරාධනයෙන් මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් සංස්කෘතික සහ අධ්‍යාපන කටයුතු භාර මනෝජ් වර්ණපාල මහතා, ක්‍රිස්තියානි භක්තිකයින් නියෝජනය කරමින් එඩ්වර්ඩ් බාර්ලෝ පියතුමන්, හින්දු භක්තිකයින් වෙනුවෙන් ලන්ඩන් ශේවාස්ත්රම් සංඝ සභාවේ ස්වාමි නිර්ලිප්තානන්ද, ඉස්ලාම් භක්තිකයින් නියෝජනය කරමින් වින්ඩ්සර් සහ මෙඩන්හෙඩ් නාගරික මන්ත්‍රී හෂීම් භාර්ටි, සීක් භක්තිකයින් නියෝජනය කරමින් හවුන්ස්ලෝ භක්ති එකමුතුවේ චරන්ජිත් අජිත් සිං, බැටර්සි සමඟි ස්තූප වාසී ග්යෝරෝ නගාසි සහ බ්‍රිතාන්‍ය අන්තර් ආගමික සංවිධානයේ ප්‍රධානී ආචාර්ය හැරියට් ක්රබ්ට්‍රී සමඟ විශාල පිරිසක් සහභාගී වුහ.

ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ රාහුල දහම් පාසලේ දරු දැරියන් විසින් පිළිගැනීමේ නැටුම් අංගයක් ද සියලු සත්වයින් උදෙසා කරුණාව සහ මෛත්‍රිය ප්‍රාර්ථනා කරන කරණීය මෙත්ත සුත්‍ර දේශනාවේ වැදගත්කම ගෙනහැර පෑ විෂේශාන්ගයක්ද ඉදිරිපත් කෙරුණි.

ලෝකයේ දැනට පවත්නා ප්‍රධාන ආගම් සියල්ලගේම ශ්‍රාවකයින් බ්‍රිතාන්‍යයේ ජීවත්වෙති. එම පිරිස් අතර ඔවුන්ගේ ඇදහීම් සහ සම්ප්‍රධායන් පිළිබඳ අනෝන්‍ය අවබෝධයක් වර්ධනය කිරීමත් සියලු ආගම් අදහන්නන් අතර සහජීවනයක් ගොඩ නැංවීමත් අරමුණුකොට 1987 දී ආරම්භ කෙරුණ බ්‍රිතාන්‍ය අන්තර් ආගමික සංවිධානයේ මුල් කණ්ඩායමට ලන්ඩන් බෞද්ධ විහාරය ද ඇතුළත් විය. එවකට විහාරාධිපති වශයෙන් කටයුතු කළ මැදගම වජිරඥාන නාහිමියන් මෙම සංවිධානය ආරම්භ කිරීම සඳහා මුලිකත්වයක් ගෙන කටයුතු කළහ.

10[1] 16[1] 27[1] 7[1]



අදහස් (0)

ලන්ඩනයේදී ආගමික සහජීවනය ඇගයීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 240 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site