IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලංගම කොන්දොස්තරවරයෙකුට පහරදීමක්

(දියතලාව - ඩී.කේ.රත්න)

වැලිමඩ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස්රථයක කොන්දොස්තරවරයෙකුට අද (6) බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පළේදී යාපනය සිට දියතලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක සේවකයින් දෙදෙනෙකු පහරදීම නිසා ලංගම බස්රථ කොන්දොස්තරවරයා දැඩි අසාධ්‍ය තත්වයෙන් බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර ඇතයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

බණ්ඩාරවෙල කොන්තෙහෙල දිගනතැන්න පදිංචි ලසිත් සන්දික කවිරත්න නැමති 27 ගැවිරිදි කොන්දොස්තරවරයෙකු මෙසේ පහරකෑමට ලක්වීමෙන් රෝහල් ගත කර තිබේ.

බස් රථවලට මගීන් නංවා ගැනීමේදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.

මෙම පහරදීමට සම්බන්ධ පෞද්ගලික බස් රථයේ  රියදුරු සහ කොන්දොස්තරවරයා බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලිස් නිලධාරීහු විසින් මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.



අදහස් (0)

ලංගම කොන්දොස්තරවරයෙකුට පහරදීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site