(දිල්රුක්ෂි ග්‍රේරු)
ලග්ගල දා ගැවිල්ල ප්‍රදේශයේ දාගැවිල්ල වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් මිය ගිය අලියකුගේ සිරුරක් තිබී හමු වූ බව ලග්ගල වන සත්ව අඩවි කාර්යාලය කියයි.
වයස අවුරුදු19 ක් පමණ වන මෙම අලියාට යම් පුද්ගලයකු වෙඩි තබා ඇති බවත් එයින් මොළයට ලේ ගමන් කිරීමෙන් මෙම මරණය සිදු ඇති බවට ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ පංශු වෛද්‍ය දිනුෂාද සිල්වා මහත්මිය පැමිණි සිදු කළ මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව ලග්ගල වනසත්ව අඩවි කාර්යාලයේ ස්ථාන බාර නිලධාරී වන සත්ව අඩවි ආරක්ෂක එස් ඩබ්ලිව් සංජිව මහතා සඳහන් කළේය.
මීට පෙරද මෙම ස්ථානයේදී අලි පැටවකු මරණයට පත්ව සිටියදී සොයාගත් බව පැවසූ සංජීව මහතා සඳහන් කළේ මේ සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව සොයා බලා දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවය.
එමෙන්ම නැවත පදිංචිකරිීම් සමඟ ජනාකීර්ණ වී ඇති මෙම ප්‍රදේශයන්හි බොහෝ පුද්ගලයින් සතුව රජයෙන් ලබා දෙන ගිනි අවි ඇති බවත්,ඒවායින් සිදු වනුයේ සතුන්ගේ ජීවිත නැතිවීම හෙයින් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීමට සුදානම් බවද කීවේය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,පොලීසිය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව එම ගිනි අවි සම්බන්ධ සොයා බලා අවශ්‍ය පුද්ගලයින්ට පමණක් ඒවා ලබා දී සෙසු ඒවා රජයට ලබා ගැනීමට එහිදී කටයුතු කළ හැකි වෙතැයිද ඔහු පැවසීය.
අනතුරුව විධිමත් අයුරින් එම ගිනි අවි ලබාදීම සඳහා හැකි වෙතැයිද ඔහු සඳහන් කළේය.
එය ජනතාවට මෙන්ම සත්ත්ව ජීවිත සුරක්ෂිත කිරීමටද ඉතා ප්‍රයෝජනවත් වෙතැයි තමා සිතන බවද වනජීවී අඩවි ආරක්ෂක සංජීව මහතා සඳහන් කළේය.

2025 නොවැම්බර් මස 04
816
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2461
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1772
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලග්ගල වනඅලි මාරයා සොයයි
lanka Sunday, 05 April 2020 05:18 PM
මේ කනගාටුදායක සිද්දියක් වුවත්, විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයෙන් යැපෙන්නන් බහුල ලංකාව වැනි රටක වැළක්විය නොහැකි දෙයකි. මේ පුවතට පහලින් තබ්බෝව ප්‍රදේශයේ මිනිසෙක් වන අලි පහර දීමෙන් මිය ගිය බවක් පළවුනා. අලි මිනිස් ගැටුමේදී අප ගත යුත්තේ වන අලින්ගෙන් බැට කන අසරණ ගොවීන්ගේ පැත්තයි.