IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලොකු ලූනු ගොවියා කබලෙන් ලිපට

(කාංචන කුමාර ආරියදාස)
 
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල ඉන්දියාවෙන් ගෙන්වන ලද  ලොකු ලූනු  විශාල වශයෙන් අලෙවි කිරීම  හේතුවෙන් දඹුල්ල ගලේවෙල සීගිරිය ආදී බල ප්‍රදේශවල ගොවීන්ට තම අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිව ගොවිපලවල ගබඩාවල නරක් වී තිබී ඉවත් කිරීමට සිදුව ඇතැයි ගොවීහු පෙන්වා දෙති.


මේ දිනවල විදේශීය  ලොකු ලූනු කිලෝවක් රුපියල් 80ක් 85ක් අතර මිලකට අලෙවි කරන බවත් දේශීය ලොකු ලූනු කිලෝවක් රුපියල් 60 ත්  65 ත් අතර මිලක් පැවතිය ද දේශීය ලොකු ලූනු මිලදී ගැනීමක් ව්‍යාපාරිකයන් සිදු නොකිරීම හේතුවෙන් මේ තත්ත්වය උදා වී තිබෙන බවත් ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ මහා පරිමාණ ලොකු ලූනු ගොවියකු වූ එස්.ඒ. රත්නපාල මහතා පැවසීය.


ලොකු ලූනූ වගාකරුවකු රතනපාල මහතා කියා සිටියේ තමන් ලූනු අක්කර 30ක වගා කළ බවයි. මේ  වන විට ලූනු කිලෝ හැත්තෑපන්දහසකට අධික ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට නොහැකිව ඉවත් කළ බවත් තවමත් තමන්ගේ ගබඩාවල විශාල වශයෙන් දේශීය ලොකු ලුනූ ගොඩගසා දිනපතාම ඒවා නරක් වෙන ඒවා ඉවත් කරමින් විශාල මුදලක් වියදම් කරමින් සිටින බවයි.

විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු සඳහා රුපියල් 40ක විශේෂ බද්දක් රජය පැනවුව ද එම බදු මුදල් ගෙවා දඹුල්ල වෙළඳපොළේ ඉන්දියාවෙන් ගෙන්වන ලද ලොකු ලූනු අඩු මුදලට අලෙවි කිරීම මෙම ගැටළුවට හේතුවී ඇතැයි ගොවීහු වැඩිදුරටත් පවසති.



අදහස් (0)

ලොකු ලූනු ගොවියා කබලෙන් ලිපට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site