IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘ලක් නමට අපහාස කරන්නේ සුළු පිරිසක්‘

‘ඉතාලි ගිය පිරිසක් ලංකාවේ නමත් කයි‘ යනුවෙන් අප විසින් පළ කළ ලිපිය දැකීමෙන් වෙරෝනා බොහෝ ශ්‍රී ලාංකිකයින් කියනුයේ  පෞරාණික දෙයක අගය නොදන්නා ලංකාවේ සුළු පිරිසක් කරන පහත් ක්‍රියාවන් නිසා වෙරෝනා ජිවත්වන යහපත් ශ්‍රී ලාංකිකයින්ද අපහසුතාවයට පත් වන බවයි.

ලෝක උරුමයක් වූ වසර 700කට වඩා පැරණි වෙරෝනා නුවර කොටුකළ බැම්මේ ගරා ගිය කුහර තුළ හිස්කළ මත්පැන් බෝතල් හා හිස් දුම්වැටි පැකට් කෑම එතු කොළ ඔබා ගිය ශ්‍රී ලාංකිකයින් පිරිසක් පිළිබඳව අප එයින් අනාවරණය කළෙමු.

වෙරෝනා ගෝල්ඩ් ස්ටාර් ක්‍රීඩා සමාජයේ සභාපති ලලිත් පෙරේරා ඒ ගැන මෙසේ කියයි.

‘ලංකාදීප එසැණින් තමයි මේ පිළිබඳව  අපි දැනගත්තේ. ඔය බැම්ම පාමුල ඇති ක්‍රීඩා පිටියක සෙනසුරාදා රාත්‍රියේ අපි සංගීත ප්‍රසංගයක් පැවැත්වුවා. අපි ප්‍රසංගය පවත්වන්න සුළු මොහොතකට ඉස්සෙල්ලත් ඔය වගේ හිස් කරපු මත්පැන් බෝතල් බීර ටින් කෑම ඔතපු කොළ ඔය වටිනා බැම්මේ කුහර අස්සේ තිබිලා තියෙනවා. සංගීත ප්‍රසංගයක් පවත්වනකොට අපි අපද්‍රව්‍ය දාන්න ඕන බකට් සුදානම් කරනවා. ඒත් ගොඩක් අය කරන්නේ ඒවාට අපද්‍රව්‍ය දාන්නේ නැතිව පිටත දමා යන එක. ඒවා සුද්ධ කරන්න අපිට වෙනම කාලයක් ගන්න ඕනේ. සංවිධායකයින් වශයෙන් වගකීමක් ඇතිව ක්‍රීඩා පිටිය පිරිසිදු කරලයි නැවත අපි බාරදෙන්නේ.මේ හේතුව නිසයි අපිට කිසිම ක්‍රීඩා පිටියක් නාට්‍ය ශාලාවක් ගන්න බැරිවෙලා තියෙන්නේ. මේක වෙරෝනා වලට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. අපේ අය ජිවත් වෙන්නේ මොන නගරේද ඒ නගරේ මේ ප්‍රශ්නේ තියෙනවා. මේවා මාධයෙන් එලියට ඒමත් සමග මේ වගේ පහත් වැඩ කරන මිනිස්සු ගැන යහපත් මිනිස්සු සැලකිලිමත් වෙනවා. ඒ තුලින් හෝ මේ පහත් වැඩ නැතිකරන්න බලමු‘

පොදු කලා කටයුතු වලදී කැලි කසල ප්‍රශ්නයටත් වඩා බිමත් කමින් ලේ සොලවමින් සිදුවන පිහි හරඹ නිසා ඉතාලියේ ජිවත් වන ශ්‍රී ලාංකිකයින්ට ක්‍රීඩා පිටියක් හෝ නාට්‍ය ශාලාවක් වෙන් කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇත.



අදහස් (0)

‘ලක් නමට අපහාස කරන්නේ සුළු පිරිසක්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 620 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site