IMG-LOGO

ලක්ෂ 8ක වට්ටක්කා අලෙවි කර මුදල් නොදුන්නැයි ගොවීහු විරෝධයක

 (කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැළකට රුපියල් ලක්ෂ අටහමාරක් පමණ වටිනාකමකින් යුත් වට්ටක්කා අලෙවි කර වසරක පමණ කාලයක් යනතුරු මුදල් ලබා නොදුන්නේ යයි චෝදනා කරමින් වට්ටක්කා ගොවීන් දෙදෙනෙක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී අද(20)  විරෝධතාවයක නිරත වූහ.

මෙම වෙළෙන්දන් දෙදෙනා ගලේවෙල පහළවැව  පදිංචි වට්ටක්කා ගොවීන් දෙදෙනෙකි. 

තමන්ට එම වෙළඳසැලෙන් ලැබීමට නියමිත රුපියල් ලක්ෂ අටහමාරක චෙක්පත්, බිල්පත්වල ඡායාපිටපත් පෝස්ටර් දෙකක අලවාගෙන වෙළඳසැල ඉදිරිපිට ඔවුහු විරෝධතාවයේ නිරතවූහ. එම වෙළඳසැලක සේවකයකු පැමිණ ගොවීන් දෙදෙනා එම ස්ථානයෙන් ඉවත් කිරීමට දැඩි උත්සහයක නිරත විය.

එම ස්ථානයට පැමිණි ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් මෙම ගොවීන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සමස්ත ව්‍යාපාරිකයන්ට අපහාස කිරීමේ අරමුණින් මෙය සිදු කළ බව පැවසූහ.

මීට වසරකට ඉහතදී මෙම වෙළඳසැලට එක් ගොවියකු රුපියල් ලක්ෂ හතරහමාරක පමණ වටිනාකමකින් යුත් වට්ටක්කා ලබාදුන් බවද අනෙක් ගොවියා රුපියල් ලක්ෂ හතරක වට්ටක්කා මෙම වෙළඳසැලට ලබාදී වසරක් ගතවී ඇතත් අගරු චෙක්පත් ලබාදී ගොවීන් නොමග යවමින් සිටින බවද පැවසීය.

මෙම ස්ථානයට පැමිණි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති  යු. බී. ඒකනායක මහතා ඇතුළු කණ්ඩායමක් ගොවීන් දෙදෙනා සමග සාකච්ඡා කර  මුදල් ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව පවසමින් ගොවීන් දෙදෙනා සිය කාර්යාලයට රැගෙන ගියහ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසල් හිමිකාරිනියකගේ  පුතෙකු බව කියන අයෙකු එම ස්ථානයට ගෙන්වා වෙළඳසංගම් සභාපතිවරයා කියාසිටියේ වහාම මෙම ගොවීන්ට මුදල් ලබාදෙන ලෙසත් එසේ නොවන්නේනම් වෙළඳසැල රජයට පවරා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත්ය.

පසුව වෙළඳසැල් හිමිකාරිනියකගේ නියෝජිතයින් කියාසිටියේ මෙදින ගොවීන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් මුදල් ලබාදී ඉතිරි මුදල් මාස දෙකක් ඇතුළත සම්පුර්ණයෙන්ම ගෙවා නිමකිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය.



අදහස් (0)

ලක්ෂ 8ක වට්ටක්කා අලෙවි කර මුදල් නොදුන්නැයි ගොවීහු විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1401 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 517 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site