(සිතුම් චතුරංග)
වවුනියාව, සේමමඩු රක්ෂිතයෙන් කපන ලද බුරුත දැවකඳන් පැටවූ කැබ්රථයක් සමඟ පුද්ගලයින් තිදෙනකු අද(07) අග්බෝපුර ඉදිකඩුව පාලම අසළදී අත්අඩංගුවටගත් බව මාමඩුව පොලිසිය කියයි.
බුරුත දැව ජාවාරමක් සම්බන්ධයෙන් මාමාඩුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් බුරුත ගස් කපා දැවකඳන් කැබ්රථයක පටවා රැගෙනයමින් සිටියදී අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි.
කැබ්රථයේ තිබී දැව කඳන් 15 සොයාගත් අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ හතක් පමණ වන බවද පොලිසිය සඳහන් කරයි.
පොලිසිය පැවසූයේ සැකකරුවන් තිදෙනා පොලිසිය දැක දැව කඳන් පැටවූ කැබ්රථයෙන් පලායෑමට උත්සහ කිරීමේදී රථය පාලනය කරගැනීමට නොහැකිව ඉ`දිකඩුව පාලමේ ගැටී අනතුරට ලක්වූ බවයි.
දීර්ඝ කාලයක සිට සේමමඩු රක්ෂිතයේ සිට මෙලෙස දැවකඳන් කපා රැගෙන ගොස් ඇති බවත් එලෙස රැගෙන යන දැවකඳන් රහසිගත ලෙස යාපනය ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කරන බවත් අනාවරණය වී ඇත.
අත්අඩංගුවටගත් සැකකරුවෝ වවුනියාව, පූන්තෝට්ටම් හා සේමමඩු ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 25ත් 33 අතර වයසේ පසුවන්නෝ වෙති.
සැකකරුවන් වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලක්ෂ 7ක බුරුත දැව කඳන් සමඟ 3ක් අල්ලයි