(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 6 ට ආසන්න වටිනා මත්කුඩු පැකට් 500 ක් සමඟ 19 හැවිරිදි තරුණයකු මාලිගාවත්ත කෙත්තාරාම හංදියේ දී කොළඹ මධ්‍යම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හෙරොයින් ග‍්‍රෑම් 30 ට ආසන්න ප‍්‍රමාණයක් තිබී ඇති අතර ඔහු ඒවා කුඩා පැකට් වශයෙන් පොලිතින් උරවල දමා තිබූ බවද පොලිසිය පවසයි.
තොටගල පදිංචි මෙම සැකකරු මත්කුඩු තොගය මාලිගාවත්තේ ජාවාරම්කරුවකු වෙත ලබා දීමට යතුරු පැදියෙන් පැමිණෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදුකළ බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුගෙන් මෙම මත්කුඩු ලබා ගනීමට නියමිතව සිටි මාලිගාවත්තේ සැකකරු සම්බන්ධයෙන් හෙළි වූ තොරතුරු අනුව පොලිසිය සැකකරුගේ නිවසට යන අවස්ථාවේ දී සැකකරු නිවෙසේ දොරවල් වසා පැන ගොස් තිබූ බවද පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 17
3
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
853
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලක්ෂ 6 ක මත්කුඩු සමඟ තරුණයකු අත්අඩංගුවට