(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජංගම දුරකථන සහ උපාංග අලෙවි මධ්‍යස්ථානයකින් රුපියල් ලක්ෂ පහකට ආසන්න දේපළ සොරාගත් පුද්ගලයකු අද(28) පානදුර දුම්රියපළ අසළදී සොරාගත් භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.
ඔහු සතුව තිබී සොරාගත් ජංගම දුරකථන උපාංග රැසක් පොලිසිය බාරයට ගෙන ඇත.
ඉකුත් 20 වැනි දින මෙම සොරකම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලද බවද, සැකකරු එම වෙළඳසැලට මීට පෙර දිනයක පැමිණ ඇති බවද, ඔහු බෑගයක් රැගෙන යන අයුරු ඒ අසළ වූ සී.සී.ටී.වී කැමරාවේ සටහන්ව තිබී ඇතැයිද ඒ අනුව පරීක්ෂණ කළ බවද පොලිසිය කියයි.
ඔහු ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක අත්උදව් දෙන්නෙකු බව අනාවරණය වී ඇතැයිද පොලිසිය කියයි.
සැකකරු දුම්රියේ ගමන්කිරීමට නියමිතව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලක්ෂ 5ක ජංගම දුරකථන උපාංග සොරාගත් අයෙක් අල්ලයි