(ආනන්ද ඉ. ජයකොඩි)
මහ රෑ ත‍්‍රිරෝද රථයකින් රුපියල් ලක්‍ෂ තිස්පහක මුදලක් රැගෙන ගිය බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වීරඟුල පොලීසිය පවසයි.
පොලිස් නිළධාරීන් පිරිසක් අද (19) අලුයම පමණ කොළඹ මහනුවර ප‍්‍රධාන මාර්ගයේ යක්කල වීදියවත්ත නගරයේදී සැකසහිත පුද්ගලයින් දෙදෙනෙකු ගමන් ගත් ත‍්‍රිරෝද රථයක් නවතා පරීක්‍ෂා කිරීමේදී එහි තිබූ රුපියල් ලක්‍ෂ තිස්පහක මුදලක් හමුවී ඇත.
මේ පිළිබඳව එහි රියදුරා හා අනෙක් පුද්ගලයාගෙන් ප‍්‍රශ්න කිරීමේදී මුදල් සම්බන්ධව දෙදෙනා පරස්පර ප‍්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනාත් මුදල් හා ත‍්‍රිරෝද රථයක් අත් අඩංගුවට ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සැකකරුවන් දෙදෙනා තුල්හිරිය, නාන්ගල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවට පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.
සැකකරුවන් දෙදෙනා කිසියම් අපරාධ කල්ලියකට අයත් පුද්ගලයින්ද යන්න සැකයක් පවතින හෙයින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වා ගෙන යන අතර මොවුන් දෙදෙනාත් ත‍්‍රිරෝද රථය හා මුදල් අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගම්පහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහ හා ගම්පහ සහකාර පොලිස් අධිකාරී එස්. එම්.ආර්.ජේ. සමරනායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වීරඟුල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත් සඳගිරි මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් සැරයන් අජිත් (42055) මහතා ප‍්‍රමුඛ පොලිස් නිළධාරීන් පිරිසක් වැටලීමට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
67
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
935
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 35 ක් හොරොන් රැගෙන ගිය දෙදෙනක් අත්අඩංගුවට