(සිතුම් චතුරංග)
කොළඹට ප්‍රවාහනය කිරීමට සඳහා සූදානම් කරමින් තිබූ රුපියල් ලක්ෂ 30 වටිනා කේරළ ගංජා කිලෝ 18 සමඟ පුද්ගලයකු අද(19) යාපනය, මරදන්කේණි හීදි අත්අඩංගුවට ගත් බව යාපනය සුරාබදු කාර්යාලය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු යාපනයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයකු පිළිබඳ යාපනය සුරාබදු නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත කළ වැටලීමකදී යතුරු පැදියක් තුළ සඟවා කේරළ ගංජා රැගෙනයමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ධීවර බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මෙම කේරළ ගංජා රැගෙනවිත් ඇති බවත් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මෙහෙයවීම මත කේරළ ගංජා කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බවත් අනාවරණය වී ඇත. සැකකරු කේරළ ගංජා තොගය යතුරු පැදියෙන් කිසියම් ස්ථානයකට ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව කොළඹට ප්‍රදේශයට රැගෙනයන බව පවසා තිබේ.
සැකකරු පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලක්ෂ 30ක කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට