IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලක්ෂ 20 ක කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(  සිතුම් චතුරංග)


ඉන්දියාවේ සිට ධිවර බෝට්ටු ඔස්සේ තලෙයිමන්නාරම උරුමලෙයි වෙරළ තීරයට රැගෙනවිත් තිබූ රුපියල් ලක්ෂ 20 ආසන්න වටිනාකමින් යුත් කේරළ කිලෝ 14යි ග‍්‍රෑම් 690 සමඟ ගංජා ජාවාරම්කරුවකු  අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි.


අත්අඩංගුවටගත් සැකකරු මන්නාරම ප‍්‍රදේශයේ සිට කොළඹට කේරළ ගංජා ප‍්‍රවාහනය කරන ප‍්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවද පොලීසිය කියයි.


 ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු හා කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.


ජාවාරම්කරු මා ප‍්‍රවාහනය කරන ලොරි රථවල පටවා  කොළඹට කේරළ ගංජා තොගය ප‍්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ බවට තොරතුරු අනාවරණයවූ බව කීය.


 අත්අඩංගුවටගත් සැකකරු තලෙයිමන්නාරම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 පුද්ගලයකු වේ.

සැකකරු හා කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදී ඇති අතර ඔහු මන්නාරම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


 මන්නාරම කොට්ඨාස භාර පොලිස් අධිකාරී ශ‍්‍රියන්ත පීරිස් මහතාගේ උපදෙස් මත මන්නාරම විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සංජීව ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.
 



අදහස් (0)

ලක්ෂ 20 ක කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site