(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැල් හා තොග වෙළඳසැල් වලට රාත්‍රී කාලයේ දී ඇතුළු වී රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදල් සොරා ගත් දිවයිනේ නමගිය අපරාධකරුවෙකු මිල්ලනිය රද්දේගොඩ ප්‍රදේශයේ දී අද (13) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබු හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 3500 ක්, කියත් ගල තුනක්, ඉස්කුරුප්පු නියනක්, යකඩ කපන කියතක් හා උල්පිහියක් පොලිසිය බාරයට ගැණිනි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් වෙළඳසැල් වලින් සොරා ගත් රුපියල් 15,000 කට අධික මුදලක් සැකකරු සන්තකයේ තිබියදී හා රුපියල් ලක්ෂ හතකට අධික මුදලක් ඔහුගේ බිරිඳගේ බැංකු පොතෙහි තැම්පත් කර තිබියදී සොයා ගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලක්ෂ 15 ක මුදල් සොරා ගත් අයෙක් අත්අඩංගුවට