IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


ලක්ෂ 12 දුරකථන සොරා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

(සිතුම් චතුරංග)
            
කිලිනොච්චිය නගරයේ ජංගම වෙළෙඳසල් දෙකක් බිඳ රුපියල් ලක්ෂ 12 ක වටිනා ජංගම දුරකථන සොරාගත් පුද්ගලයින් දෙදෙනකු  පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.


සොරා ගත් ජංගම දුරකථන සියල්ල පොලිසියට අසුවේ යැයි සිතා සැකකරුවන් විවිධ ස්ථානවල පොළව යට වළදමා තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

පසුගිය 5 වැනි දා රාත‍්‍රී කාලයේ ඇතුළුවූ කණ්ඩායමක් විසින් කිලිනොච්චිය නගරයේ වෙළෙඳසැල් දෙකක් බිඳ ජංගම දුරකථන සොරා ගත් සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


සැකකරුවන් හා තවත් දෙදෙනකු විසින් මෙම සොරකම සිදුකර ඇති අතර සොරාගත් ජංගම දුරකථන විවිධ පුද්ගලයින් වෙත අලෙවි කිරීම සඳහා සූදානමින් සිට තිබේ.


සැකකරුවන් මුලතිව් පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ත් 24 අතර වයසේ පසුවන්නෝ වෙති.

 ( ඡායාරූප - රොමේෂ්  මධුෂංක )
             



අදහස් (0)

ලක්ෂ 12 දුරකථන සොරා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31985 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14439 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11223 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 20 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site