IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලක්ෂ 10ක ගෘහ උපකරණ සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

(කේ. බුද්ධික කුමාරසිරි)
 
නුගේගොඩ පොලිස් අධිකාරී බල ප‍්‍රදේශයේ පොලිස් වසම් ගණනාවක නිවාසවල රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමෙන් යුත් ගෘහ උපකරණ සොරකම් කිරීමේ යෙදුණු පුද්ගලයකු අද(17) භාණ්ඩ තොගයක් ද සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි.
 
අතුරුගිරිය, තලංගම, නවගමුව ආදී පොලිස් වසම් ගණනාවක මෙලෙස නිවාස බිඳුම් සම්බන්ධයෙන් පැමිණිලි 23 ක් ලැබී තිබූ බවත් ඒ අනුව නුගේගොඩ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත එම විමර්ශන කටයුතු අතුරුගිරිය පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමකට භාර දුන් බවත් පොලිසිය පවසයි.
 
මෙවැනි ආකාරයේ සොරකම් සිදු කර තිබූ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී අදාළ සොරකම් සම්බන්ධයෙන් අනාවරණය වූ බවත් එලෙස සොරකම් කල භාන්ඩ තොගයක් ද, සොරකම් කල භාණ්ඩ ප‍්‍රවාහනය කල ත්‍රි රෝද රථයක් ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
 
සොරා ගත් භාණ්ඩ අතර සිමෙන්ති කොට්ට, ටයිල් කැට, වර්ණ රූපවාහිනී යන්ත‍්‍ර, ලැප්ටොප් පරිගණක, තණකොළ කපන යන්ත්‍ර, පිත්තල පහන්, ගෑස් සිලින්ඩර්, තීන්ත බැරල්, විදුලි පංකා ආදිය ඇතැයි පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් 37 හැවිරිදි සැකකරු හෙරොයින් මත්කුඩු පානයට පුරුදුව සිටින අයෙකු බව අනාවරණය වී ඇත.
සැකකරු දිනපතා තම ත්‍රි රෝද රථයෙන් ගොස් දහවල් කාලයේදි මෙම සොරකම් සිදු කර ඇති බවත් ඔහු ඔහු කඩුවෙල ප‍්‍රදේශයේ කුලී නිවසක වාසය කර ඇති බවත් පොලිසිය පවසයි.
 
සැකකරු කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ලක්ෂ 10ක ගෘහ උපකරණ සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site