(සිතුම් චතුරංග)
කිලිනොච්චිය, විනයාගපුරම් ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 5 ක් වටිනා කේරළ ගංජා කිලෝ 4 යි ග්‍රෑම් 220 සමඟ තරුණයකු අද (20) දහවල් අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
කිලිනොච්චිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයකු පිළිබඳ කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගත් බව පැවසීය.
ගමන් මල්ලක් තුළ සූක්ෂම ලෙස අසුරා සැකකරු කේරළ ගංජා තොගය රැගෙන යමින් සිටි බවත් යාපනය ප්‍රදේශයේ සිට මෙම කේරළ ගංජා රැගෙන එන්නට ඇති බවට සැක පළ කරන බව පොලිසිය පවසයි.
සැකකරු කේරළ ගංජා තොගය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදී බෙදාහැරීමට නියමිතව තිබූ බවට සිදුකළ පරික්ෂණ වලදී අනාවරණය වූ පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවටගත් සැකකරු කිලිනොච්චිය විනයාගපුරම් පදිංචි වයස අවුරුදු 20ක තරුණයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ලක්ෂ පහක කේරළ ගංජා සමඟ තරුණයකු දැලේ