IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


ලක්ෂ දෙකක රන් භාණ්ඩ සොරාගත් අයෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයකොඩි)
 
බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අද(07) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
 
සැකකරු හොරණ නර්ථනගල පදිංචි 25 හැවිරිදි තැනැත්තෙකි.
 
ඔහු සොරාගත් රන් මාල දෙකක්, පෙන්ඩනයක් සහ මුදුවක් ඔහුගේ නිවසේ  තිබියදී පොලිසිය බාරයට ගෙන ඇත.
 
ඉකුත් 4 වැනි දින සිය නිවසේ අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් වඩු කාර්මිකයකු සහ අත් උදව්කරුවකු පැමිණි බවද, තම රන් භාණ්ඩ ඔවුන් සොරාගෙන ගොස් ඇති බවට සැක සහිත බවද, නිවසේ හිමිකරු පොලිසියට පැමිණිලි කර තිබේ. දින දෙකක් පැමිණි ඔවුන් තෙවන දිනයේ නොපැමිණි බවද එම පැමිණිල්ලේ සඳහන් වේ. සැකකරු අත්උදව්කරුවකු ලෙස පැමිණ තිබේ.
 
පැමිණිල්ල අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරාගත් රන් භාණ්ඩ කොටසක් උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබීයදී සොයාගත් බව පොලිසිය පවසයි.
 
බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ලක්ෂ දෙකක රන් භාණ්ඩ සොරාගත් අයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31916 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14373 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11199 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 8 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 259 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1205 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site