(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල නැදිමාල ප්‍රදේශයේ දී යතුරු පැදියකින් රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද(09) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
එම සැකකරු සමග මත්කුඩු ග්‍රෑම් 18ක් සහ මිලිග්‍රෑම් 670ක් පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු නැදිමාල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි.
දෙහිවල පොලිසිය ලද තොරතුරක් අනුව රැක සිටි පොලිස් නිලධාරීන් යතුරු පැදිය නවතා සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහුගේ ඉණෙහි සඟවා සිටි මත්කුඩු තොගය හමු වූ බව පොලිසිය කියයි.
සැකකරු රඳවා තැබීමේ නියෝග මත ප්‍රශ්න කර මත්කුඩු රැගෙන ආ ස්ථානය හා ලබාදුන් පුද්ගලයන් කවරෙකුද යන්න හෙළි කර ගැනීම සඳහා කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලක්ෂ තුනක හෙරොයින් සමඟ අයෙකු අත්අඩංගුවට