IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලක්ෂයකට අධික මුදල් - ආභරණ සොරාගත් අයෙකු අත්අඩංගුවට

 (විජේරත්න රත්නායක )
                       
ඇල්ල හල්පේ පියරපන්දෝව ප්‍රදේශයේ නිවාස දෙකක වැසියන් විහාරස්ථානයක පෙරහැරක් නැරඹීමට ගොස් සිටියදී, නිවාසවලට ඇතුළු වී ලක්ෂයකට අධික රන් ආභරණ සහ මුදල් සොරාගත් බවට සැකපිට පුද්ගලයකු අද(23) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි.
                       
අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
 
සැකකරු එක් නිවසකින් රත්‍රන් මුදු 7ක්, රත්‍රන් අත් පළඳනාවක්, මාල 3ක්ද වශයෙන් රුපියල් 120,000ක් වටිනා රන් ආභරණ සහ රුපියල් 47,000 ක මුදලක්ද, අනෙක් නිවසින් රුපියල් 8,000 ක් වටිනා මුද්දක් සමඟ රුපියල් 40,000 ක මුදලක්ද සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
 
ඇල්ල කිතල්ඇල්ල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර නැරඹීමට ඊයේ(22) නිවැසියන් ගිය අතරතුර සැකකරු මෙම ආභරණ සහ මුදල් සොරාගෙන ඇත.
                       
අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
 
ඇල්ල පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ලක්ෂයකට අධික මුදල් - ආභරණ සොරාගත් අයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site