(කාංචන කුමාර ආරියදාස)
ලංකාවේ පළමු කෘෂි ශිතාගාර සංකීර්ණය අවට කිසිදු වෙළෙඳ සංකීර්ණයක් හෝ තවත් ආර්ථික මධ්‍යස්ථානක් ඉදි නොකරන බවත් මෙම ස්ථානයේ ගොවීන්ගේ එළවළු සහ පළතුරු උෂ්ණත්ව සහ තෙතමන පාලනය කිරීමේ කාර්යභාරය පමණක් ඉටු කරන බවත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (30) දඹුල්ලේ දී පැවසීය.
‘‘ප්‍රභාස්වර කෘෂි දිවියේ නව්‍ය හැරවුම‘‘ වැඩසටහන නමින් නම්කොට තිබූ උෂ්ණත්ව සහ තෙතමන පාලිත ලංකාවේ පළමු කෘෂි ශිතාගාර සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සාන්ධු මහතාගේ සහභාගිත්වයෙන් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු ආරාධිත අමුත්තන් විසින් ශ්‍රී ලංකාවේ පළමුව ශීතාගාරයට මුල් ගල තැබීම සිදු කෙරිණි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යාබද අක්කර හයක භූමියක මෙය ඉදිකෙරේ.
මෙම උත්සවයට මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තු ඇමැතිවරුන් ,මන්ත්‍රීවරුන් , රාජ්‍ය ඇමැතිවරුන් සහභාගී නොවීම ද විශේෂත්වයකි.
ශීතාගාරය ඉදිකරනවාට බොහෝ දෙනෙකු දැඩි විරෝධයක් දැක්වූ බවත් එළවළු පලතුරු විශාල වශයෙන් විනාශ වීම අවම කිරීම සඳහා ඉන්දියාවේ මූල්‍ය පරිත්‍යාගයෙන් ශීතාගාර ක්‍රමය ආරම්භ කරන බවත් හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
ඉන්දියානු රජය මේ සඳහා මුදල් ලබා දුන් බවත් ඉතිරි මුදල් තම අමාත්‍යාංශයේ මගින් වැය කිරීමට සූදානමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.
අස්වැන්න වැඩි කාලයට ගොවීන්ගේ අතිරික්ත එළවළු සහ පළතුරු අස්වැන්න ගබඩා කිරීමට හැකියාව තිබෙන බවත් ඒ අනුව මෙට්‍රික් ටොන් 5000 ක ධාරිතාවකින් යුතු උෂ්ණත්වයක් සහිත මෙරට පළමු ශීතාගාර මෙය වන බවත් හෙතෙම සඳහන් කළේය.


2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ පළමු කෘෂි ශිතාගාර සංකීර්ණයට මුල්ගල තැබේ
රවින් Sunday, 31 March 2019 08:21 AM
ඉස්සර (1970- 1980) වගේ කාලය තුළ මෙවැනි ශීතාගාර අලෙවි දෙපාර්තුමේන්තුව සතුව තිබුණා වගේ මතකයි.