(එච්.එච් ධර්මපාල)
දෙහිවල සත්වෝද්‍යනයට අඩුවක්ව පැවැති ‘‘ජගුවර්‘‘ ගැහැණූ සත්වයෙක් නෙදර්ලන්තයේ ‘‘ආටිස් අව්ටුඩෑම් රෝයල්‘‘ සත්වෝද්‍යානයෙන් ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපල හරහා ඉකුත් ජූනි 22 ගෙනැවිත් මාසයක කාලයක් සත්ත්ව නිරෝධායනයට යොමු කර අද (23) මහජන ප්‍රදර්ශනයට මුදාහල බව නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශණී මහත්මිය පැවැසුවාය.
මෙම ජගුවර් ගැහැණු සත්ත්වයා 2017 ජුනි 28 දින එම සත්වෝද්‍යානයේ උපත ලබා ඇත.දැනට අවුරුදු දෙකක් වන මෙම සත්ත්වයා ලොකයේ වඳවීමේ තර්ජනයට ලක්වී සිටින සත්ත්ව විශේෂයකි.
උපතින් මාංශ භක්ෂක වන අතර ආයු කාලය අවුරුදු 12 ත් 20 ත් අතර බවත් අවුරුදු 3 - 4 අතර කාලයේ ගැබ් ගැනීම සිදුවන බවත් දින 90 ත් 103 අතර කාලයකදී පැටවුන් දෙදෙනෙක් හො සිව් දෙනෙක් බිහිකරන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරය සඳහන් කළාය.
ගැහැණු සත්ත්වයාගේ බර කිලෝ 70 ක් 100 අතර වන බවත් පිරිමි සත්ත්වයෙක් කිලෝ 100 ත් 130 ත් අතර වැඩෙනු බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවැසුවාය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලංකාවට ගෙනා ජගුවර් ගැහැණු සත්වයා මහජන ප්‍රදර්ශනයට