IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලක්විජය බලාගාරයේ තාක්ෂණ-ඉංජිනේරු වර්ජනයක්

(රෝවන් පෙරේරා  )

පුත්තලම ලක් විජය බලාගාරයේ තාක්ෂණ හා ඉජිනේරු සේවා සේවකයින්ගේ වර්ජනයක් අද බලාගාරය ඉදිරිපිට පැවැත්විණි.
 
ඔවුන්ට ලැබෙන සම්පූර්ණ වැටුපෙන් 85%  පමණ ගෙවා 15% කප්පාදු කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය  ලංකා ඒකාබද්ධ ඉජිනේරු සේවා පෙරමුණ සංවිධානය කර තිබුණි.
 
පසුගිය මාර්තු මාසයේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරිය ගත් තීරණයකට අණුව ලංකාව පුරාතාක්ෂණික හා ඉජිනේරු සේවා සේවකයින් දොළොස්දහසකට පමණ සම්පූර්ණ  වැටුපෙන් 85% පමණක් ගෙවීම් සිදුකිරීම හේතුවෙන් සේවකයින් දැඩි අපහසුතාවයට පත්වී ඇති බව උද්ඝෝෂකයෝ පවසති.
 
මාර්තු මාසයේ සිට සිදුවන මෙම වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයා ඇතුලු විදුලිබල මණ්ඩලයේ ඉහළ පෙළේ නිලධාරීන්ට සහා පාලන අධිකාරියට කිහිපවරක් දැනුම් දීම් කළත් ප්‍රතිඵලයක් නොලැබූණු හෙයින් අද දිනයේ දිවා ආහාර වේලාව තුළ  මෙම විරෝධතාව කරමින් බලධාරීන්ට අනතුරු ඇඟවීමක් කළ බවත් එයට විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී මුළු රටම අඳුරට පත්වන තරමේ දැඩි වෘත්තිය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බවත් ඔවුහු පැවසූහ.



අදහස් (0)

ලක්විජය බලාගාරයේ තාක්ෂණ-ඉංජිනේරු වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site