IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රෝහල් සේවකයෙක් ජල ටැංකිය මත නැඟ විරෝධතාවක

 

(  එච් චන්දන සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම මූලික රෝහලේ සාමාන්‍ය කම්කරුවකු අද (20) උදෑසන සිට  රෝහලේ ජල ටැංකිය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

විධිමත් ස්ථාන මාරුවීම් ලිපියක් , සේවයෙන් නිදහස් කිරීමේ ලිපියක් , ස්ථාන මාරුවීම හේතුව දක්වා ලිපියක්  ඇතුළු ඉල්ලීම්  කිහිපයකට  විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු මෙලෙස විරෝධතාවේ නියැලී සිටිති.

රෝහල් සාමාන්‍ය කම්කරුවකු වන  එච්.එම්.එස්.ජී  ධර්මරත්න මහතාලෛස විරෝධතාවේ නියැලී සිටී.

මීට පෙර තමන් වසර 07 කට පෙර පුත්තලම අනුරාධපුර මාර්ගයේ අළුත්ගම 17 කණුව ග්‍රාමීය රෝහලේ සේවය කළ බවත් , කිසිදු ලිඛිත දැනුම් දීමකින් තොරව තමන් පුත්තලම මූලික රෝහලට මාරු කර බවත්  ඒ පිළිබදව කළ විමර්ෂණ වල වාර්තාවක් තමන්ට නොලැබුණු බවත් ඔහු කියයි.

එම නිසා තමන්ගේ උසස්වීම ඇතුළු රාජකාරී ජීවිතයට ගැටළු රැසක් පැන නැගී ඇති බවත් , මේ තත්වයට පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිළධාරින් , හා දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා කාර්යාලයේ බළධාරීන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරණ බවත්, මේ අසාධාරණය පිළිබදව ජනාධිපති තුමන් ඇතුළු බළධාරීන්ට ලිඛිත දැන්වූ නමුත් එයට විසදුමක් නොමැති නිසා තමන් මෙලෙස ජල ටැංකියට නැග බවත් ඔහු සඳහන් කළේය.

මේ පිළිබදව පුත්තලම මූලික රෝහලේ  අධක්ෂක වෛද්‍ය එච්.එම්.ඒ දුශ්ෂන්ත මහතාගේන කල විමසීමකදී ඒ මහතා සදහන් කලේ මේ පිළිබදව තමන්ට කිසිවක් පැවසීය නොහැකි  බවයි. 

(ඡායාරූප: හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

(ඡායාරූප: එච් චන්දන)

 



අදහස් (0)

රෝහල් සේවකයෙක් ජල ටැංකිය මත නැඟ විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site