(සුමතිපාල දියගහගේ )
ස්පාඤ්ඤ ජාතිකයෙකු පදවා ගෙන ගිය යතුරුපැදියක් අද (29) අලුයම අහංගම හිරිගල පාලමේ හැපිමෙන් බරපතල තුවාල ලැබු එම විදේශිකයා මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙකි. මෙම විදේශිකයා අහංගම ප්‍රඤ්ඤාලෝක මාවතේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි අයෙකි.
අද අලුයම මොහු මාතර දෙස සිට එම නවාතැන් පොල දෙසට එමින් සිටින විට අහංගම නගරය ආසන්නයේ පිහිටි හිරිගල පාලමේ හැපි හිසට බරපතල තුවාල සිදුවිමෙන් පසුව අහංගම ගොන්නගහහේන රජයේ රෝහලට ගෙන ගොස් ඇත. එහිදි තුවාලකරු පරික්ෂා කළ වෛද්‍යවරුන් මොහු මිය ගොස් ඇති බව දැනුම්දි ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd