IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රුහුණේ ලංගම බස් වර්ජනයෙන් ලක්ෂ 300ක් පාඩු වෙලා

(ජේ.කේ.එල්.චාමින්ද)


 රුහුණු ප්‍රදේශිකයට අයත් ශ්‍රි ලංගම ඩිපෝවල සේවකයින් කරනු ලැබු වර්ජනය  හේතුවෙන් රුපියල් ලක්ෂ 300ක් පමණ පාඩුවක්  රුහුණු  ප්‍රා දේශිකයට සිදුවි ඇති බව ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ  රුහුණු  ප්‍රාදේශිකයේ  ප්‍රධාන කළමණාකරු  ඩබ්ලිව් ඩි.වසන්ත මහතා පවසයි.


වැඩ වර්ජනය පැවති දින හතරක කාලය තුළ  මෙම අලාභය වි ඇත බවද  ප්‍රධාන කළමණාකාරවරයා සදහන් කළේය. 


රුහුණු ප්‍ර දේශිකය දෛනිකව රුපියල් ලක්ෂ 80ක් පමණ ආදායමක් ලබන බවද හෙතෙම පවසයි. දින හතරක කාලය තුල පැවති වැඩ වර්ජනය හේතුවෙන්  රුහුණු  ප්‍රා දේශිකයට අහිමිවි ගිය ආදායම යළි උපයා ගැනිමට නොහැකි බවත් නියමිත වෙලාවට බස් රථ ධාවනය කර  ආදායම වැඩිකර ගැනිමට සියලු සේවකයින් කැපවිමෙන් වැඩ කළයුතු බවද  ප්‍රධාන කළමණාකරු ඩබ්ලිව්.ඩි.වසන්ත මහතා සදහන් කළේය. 


මේවනව සුපුරුදු පරිද් බස් රථ ධාවනය වන බවද හෙතෙම පවසයි.


ඉල්ලිම් කිහිපයක් මුල්කරගනිමින් රුහුණු ප්‍රා දේශිකයට අයත් ඩිපෝ 11ක  බස්රථ රියදුරන්, කොන්දොස්තර්වරුන් හා කාර්මිකයින් මෙකි වැඩ වර්ජනයට එක්ව සිටියහ. පසුව වෘත්තිය සමිති නියෝජිතයින්  ප්‍රවාහන ඇමතිවරයා සමග කළ සාකච්ඡාවකින් පසු ඉල්ලිම් ලබාදිමට ඇමතිවරයා ඇතුළු පාලනාධිකාරිය එකඟවු නිසා වර්ජනය අවසන් කරනු ලැබිය.



අදහස් (0)

රුහුණේ ලංගම බස් වර්ජනයෙන් ලක්ෂ 300ක් පාඩු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site