IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රිවෝල්වරයක් - ජීව උණ්ඩයක් සම‍ග සැකකරුවෙක් අත්අඩංගුවට

(ජේ.කේ.එල් චාමින්ද)
 
බූස්ස කඳුරුපේ ප්‍රදේශයේදී රිවෝල්වරයක් සහ ජීව උණ්ඩයක් සමග, පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවකු අද (29) අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.
 
සැකකරු 46 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි.
 
අත්අඩංගුවට ගත් රිවෝල්වරය අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද්දක් බව හඳුනාගෙන ඇත.
 
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
 
වෙඩිතබා පුද්ගලයින් බිය ගන්වා පලායාම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා පවතින බවද පොලිසිය පවසයි.
 
පොලිසියට දිගු කාලයක සිට අවශ්‍යව සිටි සැකකරුවකු වන මොහු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රත්ගම පොලිසියට භාරදීමට නියමිතය.



අදහස් (0)

රිවෝල්වරයක් - ජීව උණ්ඩයක් සම‍ග සැකකරුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site