(එෆ්. අස්ලම්)
උත්සව සමයේ රිය අනතුරුවලට ලක්වීමෙන් සහ පහරදීම්වලින් තුවාල ලැබූවන් 250ක් පමණ බදුල්ල මහ රෝහල වෙත රැගෙන ආ බවත් ඒ අතරින් 200කට අධික පිරිසක් ශල්‍යකර්මවලට ලක්කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම්, රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය බාර වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
අප්‍රේල් 12,13,14 යන තෙදින තුළ මෙම අනතුරු වාර්තා වී ඇති බවත් ඒ අතරින් 95%ක්ම සිදුව ඇත්තේ බීමත්කම හේතුවෙන් බවත් වෛද්‍යවරයා තවදුරටත් පැවසීය.
අනතුරට ලක්වූ බහුතර රෝගීන් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ අනතුරුවලින් තුවාල ලැබූවන් බවද පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අනතුරු ඉහළ ගොස් ඇති බවද හෙතෙම කීවේය.
මෙලෙස රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන් අතරින් 40 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටත් කර යැවූ බවත් 200කට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඔහු පැවසීය.
අනතුරු සම්බන්ධයෙන් බදුල්ල රෝහල් පොලිසියද විමර්ශන ආරම්භ කර ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරු, පහරදීම්වලින් බදුල්ල රෝහලේ ඇඳන් රෝගීන්ගෙන් පිරේ