IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රිය අනතුරු අවම කිරීමට වැඩපිළිවෙළක්

(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
අපේ රටේ වසරකට රිය අනතුරුවලින් මිය යන සංඛ්‍යාව 2020 දි හරි අඩකින් අඩුකරගත යුතු බවට  ඒ.ජා.සංවිධානය මගින් ඉලක්කයක් ලබා දි ඇතත්  2020 දි රිය අනතුරුවලින් සිදුවන මරණ සංඛාව 3500දක්වා වැඩිවිය හැකි බැව්  රුහුණු වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි හා ශ්‍රි ලංකා වෛද සංගමයේ මාර්ග අනතුරු පිළිබද  කමිටුවේ සම සභාපති  යූ.සී.පී. පෙරේරා මහතා පවසයි.


2011 වර්ෂයේ මැයි මස 11වැනි දින පැවැති ජාතික මාර්ග ආරක්ෂාව පිළිබද සම්මන්ත්‍රණයේදි  මාර්ග ආරක්ෂාව පිළිබඳ දශකය නිලවශයෙන් ප්‍රකාශයට පත්කළ බවත් එහිදි මෙම ඉලක්කය සපුරා ගැනිමට සියලු පාර්ශව එකඟ වී ඇති බවද විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.


 එ.ජ.සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ  රිය අනතුරුවලින් වන මරණ සංඛ්‍යාව  හරි අඩකින්  අඩුකරගතයුතු බවට  යෝජනා කොට ඇති බව පවසන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා   එහෙත් 2020 දි එම ඉලක්කය සපුරාගැනිමට නොහැකිවනු ඇති බවද සඳහන් කළේය.


මාර්ග අනතුරු දිනෙන් දින වැඩිවීමත් සමග දිනකට 07දෙනෙකු පමණ මිය යයි.. 2013 වර්ෂයේ මාර්ග රිය අනතුරු සංඛ්‍යාව 2362කි. 2017 වනවිට මාර්ග අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 3147 දක්වා වැඩිවී ඇත. 2018 වර්ෂයේ ජුනි මස 30 වැනිදින වනවිට  1597 දෙනෙකු මියගොස් තිබේ. එ.ජා. සංවිධානය ලබාදුන් ඉලක්කය අනුව මෙම සංඛ්‍යාව 2020 වනවිට අපි 1500 දක්වා අඩුකරගත යුතු වුවත් ඒ සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් කළ යුතු වේ. මෙය රජයට පමණක් කළ නොහැකි සාමුහික ක්‍රියාවලියකි. ප්‍රවාහනයට සම්බන්ධ රජයේ ආයතන 28කට අමතරව පුද්ගලික අංශයේ ආයතනද තිබේ. නමුත් මේ ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැත.


එබැවින් මේ ආයතන සියල්ල ඒකාබද්ධ කර  සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් සහ ජනාධිපති කාර්ය සාධක බලකායක් සෑදිය යුතු බවත්, මේ සම්බන්ධ යෝජනාවලියක් රජයට ඉදිරිපත් කර තිබෙන බවත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

 



අදහස් (1)

රිය අනතුරු අවම කිරීමට වැඩපිළිවෙළක්

Bamunuarachchi Monday, 03 September 2018 03:45 AM

ත්‍රීවීලර් පාරෙන් ඉවත් කරන්න. පුද්ගලික බස් සඳහා දඩ 200% වැඩි කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site