(තුසිත කුමාර ද සිල්වා)
කළුවාමෝදර කාලවිල මාර්ගයේ කාලවිල සුසාන භූමිය ආසන්නයේ අනතුරුදායක වංගුවකදී අද (17) ත්‍රීරෝද රථයක් කැන්ටර් රථයක එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණියක් මියගොස් ත්‍රීරෝද රිය පැදවූ ඇයගේ 25 හැවිරිදි සොයුරා බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි අලුත්ගම පොලීසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ මතුගම බෝපිටිය ශ්‍රී සෝමානන්ද මාවතේ පදිංචිව සිටි මාලවන විතානගේ ලලනි කෞශල්‍යා (27) නැමැති කළුතර තිස්ස මහා විදුහලේ ප්‍රාථමික අංශ ගුරුවරියක් බව පොලීසිය සඳහන් කරයි.
සිය සොයුරා සමඟ අලුත්ගම ප්‍රදේශයේ ආගමික කටයුත්තකට පැමිණ ආපසු නිවෙසට යමින් සිටියදී අද(17) දහවල් මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය කියයි.
කාලවිල දෙසින් පැමිණි කැන්ටර් රථයක පාදගොඩ දෙසින් ගමන් කරමින් සිටි ත්‍රී රෝද රථය එම කැන්ටර් රථයේ ගැටී පෙරළී ඇති අතර ත්‍රිරෝද රථයට බරපතල හානි සිදුවී තිබෙන බව පොලීසිය තවදුරටත් සඳහන් කරයි.
අනතුරට පත් කැන්ටර් රථයේ රියදුරා අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රීරෝද රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවී ඇත්දැයි පොලිස් පරීක්ෂණ සිදුකරයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරින් තරුණියක් මරුට