IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රිය අනතුරකින් 3 ක් රෝහලේ

(ඩී.කේ.රත්න  )
 
බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයේදී අද (7) වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා බණ්ඩරවෙල දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දියතලාව මූලික රෝහල වෙත මාරුකර යවා ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
 
මෙම අනතුරින් පස්සර ප්‍රදේශයේ පදිංචි වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
 
පස්සර ප්‍රදේශයේ පදිංචි පිරිසක් රැගත් වෑන් රථය හැටන් ප්‍රදේශයට ගොස් ආපසු පස්සර බල පැමිණෙමින් සිටියදී බදුල්ල ප්‍රදේශයේ සිට කොළඹ බලා ධාවනයවෙමින් තිබූ ලොරි රථයක් සමග මුහුණට මුහුණලා ගැටීම නිසා මෙම අනතුර සිදුවී තිබේ.
සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු බණ්ඩාරවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.



අදහස් (0)

රිය අනතුරකින් 3 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site