IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


රිය අනතුරකින් හමුදා සෙබළෙක් මරුට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

අත්තනගල්ල අලවල මාර්ගයේ දේවින්පැන්න ඇල්ල ප‍්‍රදේශයේදී අද (1)  රෝද රියක් අනතුරට පත්වීමෙන් හමුදා සෙබළකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.

අද (01) අලුයම    සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ යල්කල රණවිරු ඇපරල්හි සේවය කළ සාමාන්‍ය සෙබළ  108865 හිගුරක්ගොඩ ගම්උදාව , පුලස්තිගම පදිංචිව සිටි පුස්සැල්ලගෙදර සුමිත් විජයවර්ධන 36 නැමැත්තෙකි.

හමුදා සාමාජිකයන් පිරිස ගලපිටමඩ ප‍්‍රදේශයේ මළ ගෙදරකට සහභාගිවීමට ගොස් නිට්ටඹුව බලා එමින්  සිටියදී දේවීන්පැන්න ඇල්ල විහාරස්ථානය අසලදී ති‍්‍රරෝද රිය පාරෙන් ඉවතට පැන ඇළට පෙරළිමෙන් මෙම අනතුරවී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. 

අනතුර සිදුවන අවස්ථාවේ වෙනත් වාහන කිසිවක් මාර්ගයේ ගමන් කර නැති බවද අනාවරණය වී තිබේ.

ඇළ මාර්ගයේ වතුර තිබී නැතැයිද එහිවූ ගල් කුලූවල ගැටීමෙන් පිරිස තුවාල ලබා ඇතැයිද පොලිසිය සදහන් කරයි. 

අනතුරට ලක්වූ ති‍්‍රරෝද රිය පෞද්ගලික එකක් වන අතර තුවාලකරුවන් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.



අදහස් (0)

රිය අනතුරකින් හමුදා සෙබළෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32072 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14537 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11250 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 297 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site