IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


රිය අනතුරකින් රත්නපුර මාධ්‍යවේදීයකු මරුට

අජිත්ලාල් ශාන්තඋදය
 
රත්නපුර කොළඹ ප‍්‍රධාන පාරේ රත්නපුර නව නගරයේ දී සිදුවූ රිය අනතුරකින් මුද්‍රිත මාධ්‍යවේදියකු වූ රුචිර අබේමාන්න මහතා (47)  මිය ගිය බව පොලිසිය පවසයි.

ඔහු මාධ්‍ය ආයතන කිහිපයක රත්නපුර වාර්තාකරු ලෙස කටයුතු කරයි.

අබේමාන්න මහතා රත්නපුර නගරය දෙසට පැද යමින් සිටි යතුරුපැදියට ඉදිරියෙන් කොළඹ දෙසට යන්නට ආ පෙජරෝ වර්ගයේ ජීප් රථයක ගැටී යතුරු පැදියත්, පැදිකරුත් පැමිණි දෙසටම ඇදී ගොස් පසු පසින් ආ ලොරි රථයක ද වැදී නැවතී තිබූ බව පොලීසිය පවසයි.

අනතුර සිදුකළ පෙජරෝ වර්ගයේ ජීප් රථය තවත් වාහන කිහිපයකට ඉස්සර කරමින් මියගිය මාධ්‍යවේදියා ගමන් කරන මංතීරුව පැත්තෙන් වේගයෙන් යතුරුපැදිය දෙසට ඇවිත් එහි ගැටීමෙන් අනතුර සිදුවී තිබේ.

අනතුර සිදුකළ ජීප් රථයද රත්නපුර හිදැල්ලන ප‍්‍රදේශයේ පුද්ගලයකුට සන්තකයේ බව ද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

රිය අනතුරකින් රත්නපුර මාධ්‍යවේදීයකු මරුට

sujeewa edirisinghe Monday, 04 February 2019 06:56 AM

අනේ රුචිර මචන් .......දුක දරන්න අමාරුයි උබට නිවන්සුව

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32079 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14544 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11251 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 301 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site