IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රිය අනතුරකින් මව මරුට: පුතු රෝහලේ


(පද්මා කුමාරී කංකානම්ගේ )
 
කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගයේ, නාච්චිකල්ලිය ප්‍රදේශයේදී අද(11) ත්‍රී රෝද රථයක් ලොරියක ගැටීමෙන් කාන්තාවක මිය ගොස් පුද්ගලයකු සුළු තුවාල ලබා ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
 
අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන්ගත් කාන්තාවක වන අතර රිය පැදවූ ඇගේ පුතු තුවාල ලබා තිබේ.
 
පාලවිය සිට කල්පිටිය දෙසට ගමන් ගනිමින් තිබූ ලොරි රථය ධාවන වේගය අඩු කළ අවස්ථාවේ පසු පසින් පැමිණි ත්‍රී රෝද රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව එහි ගැටී ඇතැයි පොලිසිය කියයි.
 
අනතුරින් මිය ගොස් ඇත්තේ තලවිල පදිංචි වර්ණකුලසූරිය මල්ලිකා කුසුම් ශ්‍රියාණි නමැති  40 හැවිරිදි තිදරු මවකි. 
 
ත්‍රීරෝද රථය පැදවූ  18 හැවිරිදි තරුණයා කල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. 
 
ලොරි රථයේ රියදුරු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
කල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (0)

රිය අනතුරකින් මව මරුට: පුතු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 185 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site