IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

(සුමතිපාල දියගහගේ )


ගාල්ල - කොළඹ මහා මාර්ගයේ බූස්සේදී   මාර්ගයේ  ගමන් කළ පුද්ගලයෙකු ලොරි රථයක  හැපීමෙන් බරපතල තුවාල ලබා මිය ගොස් ඇතැයි රත්ගම පොලිසිය  පවසයි.

 මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ඩබ්ලිව්. තිලක් නැමැති 55 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු බූස්සේ හෝටලයකට ගොස් ආපසු නිවස බලා යමින් සිටින විට කොළඹ සිට පැමිණි ලොරි රථයක හැපීමෙන් බරපතල තුවාල ලබා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කළ පසු මිය ගොස් ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

මියගිය අයගේ මරණ පරීක්ෂණය අද (6) කරාපිටිය ශීක්ෂණ රෝහලේදී  පැවැත්වීමට නියමිතව තිබේ.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු රත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site