
(ක.ග.කරුණාරත්න)
නුවරගල සිරිපුර මාර්ගයේ සිරිපුර නගරයට ආසන්නයේදී තරුණයෝ දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීම නිසා සිදුවූ අනතුරකින් එක් අයෙකු මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ යතුරු පැදියේ පිටුපස ගමන් ගත් සිරිපුර,මුදුන්ගම,අංක 226 ලිපිනයේ පදිංචි හොරතල් පේඩිගේ තරිඳු දිනූක ජයරත්න නැමැති 17 හැවිරිදි තරුණයෙකි.
එම වයසේම තරුණයෙකු වන යතුරු පැදියේ පැදිකරු බරපතල තුවා ලබා ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත්කර ඇත.
මොවුන් දෙදෙනා මළ ගෙදරක ගොස් ආපසු සිය නිවෙස් බලා එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙන බවත් යතුරු පැදියේ අධික වේගය එහි පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිවීම නිසා එය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී අනතුර සිදුව තිබෙන බවත් විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.
මිය ගිය තරුණයාගේ මරණය සම්බන්‍ධයෙන් මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද(03) සිදුකිරීමට නියමිත බව පොලීසිය සඳහන් කලේය.
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රිය අනතුරකින් තරුණයෙක් මරුට