IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


රිය අනතුරකින් කාන්තාවක් මරුට

(ලලිත් නවරත්න)

හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී අද (02) සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පැවසීය.

රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් කාන්තාවක් මරණයට පත්ව ඇතිබව රෝහල් පොලිසිය කීය.

මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ නල්ලදරන්කට්ටුවල  පාංකුලාවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරුගේ සහ තවත් කාන්තාවකගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ත්‍රීරෝද රථයේ රියදුරු , මරණයට පත්වූ කාන්තාව , ඇයගේ දියණිය සහ අසල්වැසි කාන්තාවක් ත්‍රී රෝද රථයේ ගමන් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

පුත්තලම දෙස සිට පැමිණි අනතුරට පත් වූ ත්‍රී රෝද රථයේ පසුපස තවත් ත්‍රීරෝද රථයක් ගැටී ඇති අතර පසුව අනතුරට පත්වූ ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටී පෙරලීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කීය.

 

 

 



අදහස් (1)

රිය අනතුරකින් කාන්තාවක් මරුට

Pradeep Monday, 03 February 2020 03:02 AM

ත්‍රි රෝද මිනිස් ප්‍රවාහනයට සුදුසු ශක්තිමත් වාහනයක් නොවේ. කරුණාකර ලංකාවට ත්‍රි රෝද ගෙන්වීම නතර කර අඩු වියදම් ශක්තිමත් වාහනයක් කුලී රථ සදහා හදුන්වාදෙන්න. ගලේවෙල ප්‍රදේශයේ තරුණයෙකු සෑදු අඩු වියදම් වහනය ශක්තිමත් බව පේනවා. එය වැඩි දියුණු කර නිෂ්පාදනය කර දේශීය කර්මාන්තයක් ලෙසින් මෙය පටන් ගන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31866 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14333 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11182 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 247 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1188 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site