(සුමතිපාල දියගහගේ)
ගාල්ල උඩුගම මහා මාර්ගයේ බටදූවේදී ත්‍රි රෝද රථයක් ලොරි රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ ගමන් කළ කාන්තාවක් මිය ගොස් ඇති අතර බරපතල තුවාල ලැබු ත්‍රී රෝද රථයේ රියදුරු සහ දැරියක් රෝහල්ගත කර ඇතැයි අක්මිමන පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ගාල්ල මාගාල්ල පදිංචිකාරියක්වූ නයෝමී දිල්රුක්ෂි (28) නැමැති කාන්තාවකි.
මෙම කාන්තාව සහ ඇගේ කුඩා දියණියද ගමන් කළ ත්‍රි රෝද රථය ගාල්ල උඩුගම මාර්ගයේ බටදුවේදී පාර අයිනේ නතර කර තිබූ ලොරි රථයක පිටුපස හැපිමෙන් තුවාල ලැබු තිදෙනා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කළ පසු තුවාල ලැබු කාන්තාව මිය ගොස් ඇති බව පොලිස් පරික්ෂණවලදී හෙලවී ඇත.
මිය ගිය කාන්තාවගේ මරණ පරික්ෂණය අද (20) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්විමට නියමිතව ඇත
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරකින් කතක් මරුට