(නිමල් ජයරත්න)
වැලිකන්ද මොණරතැන්න ප්‍රදේශයේදී අද(28) වෑන් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක මිය ගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ සෙවණපිටිය, මැණික්වෙල පදිංචිව සිටි ඩබ්ලිව්. පී. ප්‍රේමාවතී නම් 48 හැවිරිදි තැනැත්තියකි.
අනතුරට සම්බන්ධ වෑන් රථය හා රියැදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
යතුරුපැදියකින් ගමන්ගත් තවත් පුද්ගලයෙකු එම වෑන් රථයේම ගැටීමෙන් තුවාල ලබා ඇතැයිද ඔහු වැලිකන්ද ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.
වැලිකන්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරකින් කතක් මරුට - අයෙක් රෝහලේ