IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රියදුරු ගස් බැඳ ලොරි රථයක් කොල්ලකාලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේ දී අද (04) කිසියම් පිරිසක් විසින් මස් පිණිස කර්මාන්තශාලාවක් වෙත කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක රියදුරු ගස් බැඳ ලොරි රථය පැහැරගෙන ගොස් ඇති බව ආණමඩුව පොලිසිය පවසයි. 
 
කොට්ටුකච්චිය වඩත්ත ප්‍රදේශයේ පිහිටි ගොවිපලක සිට ප්‍රධාන කර්මාන්තශාලාවක් දක්වා කුකුළන් 2500 ක් රැගෙන යමින් සිටියදී මෙම පිරිස මාර්ගය හරහා ලී කඳන් දමා හරස් කර ඔහුව ලොරි රථයෙන් එළියට ඇද කොට්ටුකච්චිය ජලාශයේ ඉස්මත්තේ පිහිටි ගසක ගැට ගසා පලා ගිය බව ලොරි රථයේ රියදුරු ආණමඩුව පොලිසියට පැමිණිලි කර ඇත. 
 
සිද්ධියෙන් පසුව ආණමඩුව පොලිස්  නිලධාරීහු කණ්ඩායමක් පැහැර ගැනීම සිදුවූ ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වූහ. 
 
කුකුල් ගොවිපල හිමි පෞද්ගලික සමාගමේ පිරිස පවසා සිටියේ එම ලොරි රථයේ සිටි කුකුළන්ගේ වටිනාකම ලක්ෂ 20 කට ආසන්න බවත් ලොරි රථයද ඇතුළුව වටිනාකම ලක්ෂ 90 ක් ඉක්මවන බවත්ය. 
 
ආණමඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (0)

රියදුරු ගස් බැඳ ලොරි රථයක් කොල්ලකාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site