IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රඹකැන් ඔයේ වැලි ජාවාරමෙන් තුරුලතා විනාශ වීමේ අවදානමක්

(ප්‍රසන්න පත්මසිරි)

 

බිබිල නිල්ගල ඖෂධීය රක්ෂිත වනය මැදින් ගලා යන රඹකැන් ඔයේ සිදුකරන අනවසර වැලි ජාවාරම නිසා වනයේ ගස් වැල් විනාශ වී යෑමේ අවදානමක් තිබෙන බව රතුගල ආදිවාසි නායක සුදාවන්නිල ඇත්තෝ කියති.

පසුගිය වසර කිහිපයේ දී රතුගල ගම්මානය මැදින් ගලා යන ඔයේ වැලි කැනීමට බලපත්‍ර කිහිපයක් රජයෙන් ලබාදී තිබුණත් ජාවාරම් කරුවන් රක්ෂිතයේ වැලි කැනීමෙන් වනයට දැඩි හානි සිදුව තිබේ.

අනවසරින් වැලි කැනීම නිසා අඩි 8-10 ක් ගැඹුරු වී තිබෙන ඔයට දෙපස තිබෙන කුඹුක්,ගම්මලු,බුරුත වැනි වටිනා ගස් පෙරැළී ඇති බවත් ඔය ගැඹුරුවීමෙන් වනයේ තිබු ජල උල්පත් සියල්ල සිදී ගොස් වනාන්තරයම වියළී තිබෙන බවද ආදිවාසි නායක සුදා වන්නිල ඇත්තෝ කියයි.



අදහස් (2)

රඹකැන් ඔයේ වැලි ජාවාරමෙන් තුරුලතා විනාශ වීමේ අවදානමක්

Raveendra Tuesday, 11 February 2020 05:36 AM

අනේ කොච්චර ලස්සන පරිසරයක්ද මේ අපේම අය විනාශ කරන්නේ........ස්ථිරවම කොහෙවත් යන දේශපාලුවෙක් මේ විනාශය පසුපස ඇති.

:       0       36

Champa Tuesday, 11 February 2020 04:39 PM

මේවා ගැන ඇත්තටම ලියලම ඇතිවෙලා. පරිසරයට, තුරුලතාවලට, වනේ වනසතුන්ට ආදරය කරන නායකයෙක් රටට ඉන්න ඕනේ මේවා නවත්තන්න නම්... නීති ඕනෑතරම් තියෙනවා. හැබැයි දේශපාලන බලපෑම් නිසා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සරල වැඩක් කරන්න තියෙන්නේ. ඉතා සංවේදී ගහකොළ තියෙන පරිසරවල වැලි ගොඩ දාන බලපත්‍ර නොදී ඉන්න ඕනේ. මේක කරන්න කොන්දක් නැහැ...

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site